2019 සැප්තැම්බර් මස 24 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය 25දා රාත්‍රී කාලය දක්වා තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, දකුණු,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2019 සැප්තැම්බර් මස 24 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයිනට බස්නාහිර, දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ තද වැසි ද ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.