මේ දිනවල ඉදිරි ජනපතිවරණය ඉලක්ක කර දේශපාලන උවමනාවන් අදිසි හස්තය ලෙස ක්‍රියාත්මක කරවන වර්ජන රැල්ලට හෙට 26 දුම්රිය සේවය එකතුවන අතර මේ හේතුවෙන් රජයේ හා පුද්ගලික අංශවල දුරබැහැර සිට සේවයට එන විශාල පිරිසකට රාජකාරියට වාර්තා කිරීමේ අපහසුතා පැනනැගිය හැකි බවට වාර්තාවේ.

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට

ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් කඩිනම් පියවරක් ලෙස හෙට (26) සිට ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන්නට රජය කටයුතු කර ඇත.
කෙසේ වෙතත් දුම්රිය මගීන් සියල්ලට මේ නිසා සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි අතර හෙට කාර්යාල කටයුතු අඩාල වීමේ සම්භාවිතාවක් පවතින බව ආරංචි මාර්ග වාර්තා කර ඇත.