ඩුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (24)
උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී
අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 27ක් වන අතර ගමන් මළු 4ක් තුළ දුම්වැටි 44400ක් දුම්වැටි කාටූන් 22ක් ලෙස සඟවා තිබූ බව ගුවන්තොටුපොළ රේගුව පවසයි. අත්අඩංගුවට ගත් 32 හා 34 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මොරටුව හා වරකාපොළ පදිංචිකරුවන් වේ. දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.