ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්‍ෂකයා ලබන 29 වැනි ජනතාවට ඉදිරිපත් කිර්මට එම ව්‍යාපාරය තීරණය කර තිබේ.  ඒ අනුව ලබන 29 වැනිදා සවස 1.00ට  කොළඹ සුගතදාස
ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති

අපේක්‍ෂකයා නම් කිරීමට නියමිතය.ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂකයා "ජාතික අපේක්‍ෂකයා" ලෙස නම් කර ඇත. ජනාධිපති අපේක්‍ෂකයා සතු සුදුසුකම් මොනවාද යන්න ආගමික නායකයන් පසුගියදා ඉදිරිපත් කළ නිර්ණායක සියල්ලටම එකඟ විය හැකි අපේක්‍ෂකයකු ජාතික ජනතා ව්‍යාපාරය තුළින් මෙවර ඉදිරිපත් කරන බවත්, එමෙන්ම එම ව්‍යාපාරයේ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද එදින එළිදැක්වීමට නියමිත බවත් ජාතික ජනතා ව්‍යාපාරය ප්‍රකාශකයෙක් පැවසීය,
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති  අපේක්‍ෂකයා ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද පසුගියදා මාධ්‍ය වාර්තා කළේය.

චාමර සම්පත්