ලබන නොවැම්බර් 16 වැනිදා පවත්වන්නට ගැසට් නිවේදන නිකුත් කර තිබෙන ශ්‍රී ලංකාවේ මීළඟ
ජනපතිවරණයට අදාළව
තැපැල් ඡන්ද
ලකුණු කිරීම සඳහා  ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට  මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට  නොවැම්බර් 1 වැනිදා  තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම  දන්වයි.