මව මියගිය හා රෝගාතුරව නිවෙසේ සිටින තම පියා රැක බලා ගැනීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති පාසල් අධ්‍යාපනය ලබමින් සිටි 17 වියැති සිසුවියක් රැකියාවක් සොයා කොළඹ ගොස් ආපසු නිවෙසට එන
අතරවාරයේ කළුවර වැටී නිවෙසට යෑමට බස් රථයක් නොමැතිව රත්නපුර බස්නැවතුමේ සිටියදී පැහැරගෙන ගොස් රංචු ගැසී දූෂණය කළ විවාහකයන් දෙදෙනකුට රත්නපුර මහාධිකරණ ශාලා අංක 2 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් වසර 30 බැගින් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ. ඒ සඳහා සහය දුන් තුන්වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 95,000 බැගින් වූ දඩයක්ද, මෙම සිදුවීම සිදුවන විට පාසල් දැරියක් වූ වින්දිත තරුණියට වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුවන්ට විනිසුරුවරයා නියම කළේය.

මෙසේ සිරදඬුවම්, දඩ මුදල් හා වන්දි ගෙවීමට නියම වූයේ මෙම නඩුවේ පළමු හා දෙවැනි විත්තිකරුවන් වූ රත්නපුර පදිංචි ඒ.ඩබ්. මංජුල නොහොත්  වෑල්ඩින් මංජුට එරෙහිව  ජානක රුවන් විමලරත්න නොහොත් චූටි අප යන දෙදනාටය. තෙවැනි විත්තිකරු වන කේ. රවීන්ද්‍ර ප්‍රසන්න නමැත්තා මහාධිකරණ විනිසුරු විසින් නිදොස් කොට නිදහස් කළේය.

2009 වසරේ පෙබරවාරි 3 වැනි දින හෝ ඊට ආසන්න දිනයක 17 හැවිරිදි පාසල් සිසුවියක් වන පැමිණිලිකාරිය නීති වීරෝධී සංසර්ගයකට පෙලඹීම සඳහා පැහැරගෙන යෑම, රංචු ගැසී දූෂණය කිරීම සම්බන්‍ධයෙන් විත්තිකරුවන් ඇතිදෙනාට එරෙහිව ස්ත්‍රී දුෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා  6ක් ගොනුකර නීතිපතිවරයා විසින් රත්නපුර පළාත්බද මහාධිකරණයේ මෙම නඩුව පරවා තිබිණි. පළමු විත්තිකරු වූ ඒ.ඩබී. මංජුල නොහොත් වෑල්ඩින් මංජුට එරෙහිව අධිචෝදනා පත්‍රයේ පළමු චෝදනාච සත්‍රී දූෂණයක් සිදුකිරීමේ අදහසින් මෙම තරුණිය පැහැරගෙන යෑමට වරදකරු බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එම චෝදනා වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

ඊට අමතරව රුපියල් 4500ක දඩයක් ගෙවන ලෙසත් එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිරදඬුවමක්ද නියම කළේය.

එම පළමු විත්තිකරුට එරෙහිව දෙවැනි චෝදනාව ලෙස රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු වදකරු බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා එම වරදට විත්තිකරුට වසර 20ක සිරදඩුවමක් හා රුපියල් 50,000 (පනස් දහසක) දඩ මුදලක් ගෙවන ලෙසටත් නියම කළේය.

එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර 2ක සාමාන්‍ය සිරදඬුවමක් නියම් කළේය. මෙම තරුණිය දූෂණයට ලක්වූ කාලයේ පාසල් සිසුවියක සිට ඇති අතර එම වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත් විනිසුරුවක පළමු විත්තිකරුට නියෝග කළේය. එම මුදල නොගෙවන්නේ නම් එය දඩ මුදලක් වශයෙන් අයකර ගැනීමත් එම දඩ මුදල ගෙවීම් පැහැර හරන්නේ නම් ඒ වෙනුවෙන් තවත් වසරක සිර දඬුවමක් නියම කළේ.

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක