සභාපති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (10) පැවසීය. මෙම කුණු තොග පරිසරයට විවෘතව තැබීමෙන් සිදුවිය හැකි පරිසර හානි සලකා මෙසේ කන්ටේනර් පෙට්ටිවලට ඇතුළත් කර තැබිමට පියවර ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම කසළ තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරිසර
කරදියාන කසළ කන්ද පුපුරා යාමේ අවදානමක් මතුව ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් සභාපතිවරයා පැවසුවේ එවැන්නක් වුවහොත් වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් එයට වගකිව යුතු බවයි. තමන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමනුත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් එක්ව මේ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් නිසා එම කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බව ද කීවේය.
-ඩයනා උදයංගනී-