බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අනවසරයෙන් ඇතුළුවී විඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතික පුද්ගලයන් සිව් දෙනකු පෙරේදා (28) සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබු විඩියෝත්, වීඩියෝ ගත කිරිමට යොදා ගත් කැමරාවක් හා ජංගම දුරකතන තුනක්ද පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි. මේ දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොන් ප්‍රදර්ශනය පැවැත්වෙන බැවින් ඒ සඳහා ටිකට්පතක් හෝ මිලදී නොගෙන මෙම පුද්ගලයන් හොර

රහසේ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වී තිබූ බව පොලිසිය කියයි. එම පුද්ගලයන් පිළිබඳ සැකසිතී පිරිසක් ඔවුන්ට පිටවී යාමට ඉඩ නොදී රඳවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

ඔවුන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරිමේදී පොත් ප්‍රදර්ශනය ප්‍රචාරය සඳහා වීඩියෝ ගත කළ බව පැවසුව ද, ඔවුන්ට ඒ සඳහා නිසි අවසරයක් හැදුනුම්පතක් හෝ වෙනයම් ලියවිල්ලක් නොතිබු බව පොලිස් නිලධාරියෙක් පැවසිය. පොත් ප්‍රදර්ශනය ඊයේ (29) දිනෙන් නිමාවන බවත්, ඊටෙ ප්‍රචාරයක් ලබාදීමට යැයි එම පුද්ගලයන් පැවසීම සැකයට තුඩුදෙන්නක් වූ බවත් නිලධාරින් වැඩිදුරටත් පැවසීය.

 එම සිව්දෙනා සම්බන්ධයෙන් ඇතිවූ සැකය හේතුවෙන් එහි සිටි පිරිස් විඩියෝ ගත කළ දර්ශන මකා දමන ලෙස පවසා  සිටීමෙන් පසු ඔවුන් ඒවා මකා දැමු බව පැවසුවද එම දර්ශන  ඔවුන්ගේ කැමරාවේ හා ජංගම දුරකනනවල අඩංගුව පැවතීම හේතුවෙන් එම සැකය දෙගුණ තෙගුණ වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැල්ලම්පිටිය, වැල්ලවත්ත හා කොච්චිකඩේ පදිංචි වයස අවුරුදු 24 හා 43 අතර පුද්ගලයන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිටී දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා කුරුදුවත්ත පොලිසියට බාරදී ඇත.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-