ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කීර්ති නාමයට හානියක් සිදු කළේ යැයි දන්වමින් ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සහ වර්තමානයේ ස්වාධීන රූපවාහිනී
සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා
ලෙස කටයුතු කරන කැළුම් පාලිත මහීරත්න මහතාට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා එන්නතරවාසි දෙකක් යැවීමට රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිනිය වෙනුවෙන් නීතිඥයන් කටයුතු කර තිබේ.

පසුගිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට අපහාසයක් සිදු වු බව දක්වමින් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර එහිදී කැළුම් පාලිත මහීරත්න මහතා සිතාමතා සැලසුම් සහගතව රූපවාහිනී සංස්ථාවත්, එහි සභාපතිනියටත් එරෙහිව ප්‍රකාශ කර ඇති බව දක්වා තිබේ. මෙම ප්‍රකාශයන්නොමග යවන සුළු ඒවා බවටත් ඒ හරහා දහස් ගණනකට වැරදි අවබෝධයක් ලැබෙන බවටත් එයින් රූපවාහිනී සංස්ථාවේ සහ එහි සභාපතිනියගේ කීර්තිනාමයට හානි සිදුවන බවත් මෙම එන්තරවාසියෙන් දක්වා තිබේ. අදාළ මුදල දින 10 ක් තුළ ගෙවීමට නොහැකි වන්නේ නම් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකරන බවද එම එත්තරවාසියෙන් දක්වා තිබේ.