බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මාවෙල ග්‍රාම සේවා වසමෙි  ඇල්ල  වැරහුන්න මාර්ගයේ දි
තියුණු ආයුදයක්  කපා කොටා පුද්ගලයකු  අද (24)   උදෑසන  ඝාතනය කර දමා ඇතැයි බලන්ගොඩ
පොලිසිය පවසයි.

මාවෙල ග්‍රාම සේවා වසම් පදිංචිව සිටි  ඇල්ල හතනලාගේ ගුණරත්න නැමැති  පනස් නව හැවිරිදි
 තිදරු පියෙකු මෙලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. ඇල්ල වැරහුන්න මාර්ගයේ අබේහින්න ගම
ප්‍රදේශයේ දි එම ඝාතනය  සිදු කර ඇත. ඝාතනය
සිදුකලායැයි සැකකෙරෙන  පුද්ගලයා  අද
 (24) දා බලන්ගොඩ පොලිසිය වෙත භාර වි ඇති බවද පොලිසිය කියයි. එම සැකකරු එම ප්‍රදේශයේ
පදිංචි පුද්ගලයකුයි.ඝාතනය කිරිමට හේතුව සම්බන්දයෙන්   සැකකරුගෙන් පොලිසිය  ප්‍රකාශ  සටහන  කර
ගැනිමට කටයුතු කර තිබේ.

සිද්ධිය වු ස්ථානය  සහ සිරුර සම්බන්දයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණ අද (24) දහවල් පැවැත්විමට
නියමිතව තිබුණි.පශ්චාත් මරණ පරික්ෂණ බලන්ගොඩ මුලික රෝහලේ දි පැවැත්විණ නියමිතව ඇත.

සිද්ධිය සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ඩි.එමි.ආර්.කේ.ඩි.බාලසූරිය මහතාගේ උපදෙස්
පරිදි පොලිසියේ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර ( 23844 , විමලසේන (42921) අපරාධ අංශයේ
ස්ථානාධිපති අමරසිංහ යන නිළධාරීන් කණ්ඩායම විසින් පරික්ෂණ පවත්වයි.

-බලන්ගොඩ නලින්ද වලේබොඩ