හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කැලයට අවුරුදු 80ක පමණ රෝගි පිරිමි අයෙකු දමා ගොස් සිටියදී තරුණයින් පිරිසකට හමු වී හීඟුරක්ගොඩ රෝහලට භාර දී තීබේ. ඔහුට මතක ශක්තිය නොමැති නිසා කිසිදු තොරතුරක් දැනගත නොහැකිවී ඇතැයි හිඟුරක්ගොඩ රෝහල් පොලිසිය පසයි.

පසුගිය දිනක රාත්‍රියේ තරුණයන් පිරිසක් හබරණ දෙසට ගමන් කරමින් සිටිය දී මාර්ගයේ දෙපස වල්අලි සිටින ස්ථානයක් අසන්නයේ කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පිරිස වහා ක්‍රියාත්මක වී අලි පලවා හැර මෙම පුද්ගලයා වෙත ගොස් විමසීම් කළත් කතා 

කර ගැනීමට නොහැකි වීමත් ඇගපුරා තුවාල තිබීමත් නිසා වහාම එම රථයේම දමාගෙන හිගුරක්ගොඩ රෝහලට භාර දී රෝහල් පොලිසිය වෙත පැමිණිලි කළ බව හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

තරුණ පිරිස ඉදිරීපත් වී මෙම පුද්ගලයා බේරා නොගත්තා නම් අලින්ගේ පහරදීමට ලක්ව මිය යෑමට ඉඩ තිබූ බවත් අසරණ මවුපියන් මේ අයුරින් මහමග දමා නොයන ලෙසත් රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මොහු පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු සිටී නම්  හිගුරක්ගොඩ රෝහලට පැමිණෙන ලෙස හිගුරක්ගොඩ රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

-ඩබ්.ඒ.පියතිලක-