වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු කොළඹ යූනියන් පෙදෙස, මරදාන, මිරිහාන, බොරලැස්ගමුව, කොහුවල, මහරගම යන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසල්වලින් මෙම වායුසමීකරණ බැටරි ගලවා ගෙන ඇති බවද පොලිසිය පවසයි.
වායුසමීකරණ නඩත්තු කරන කාර්මික ආයතනයකට අයත් ස්ටිකරයක් සැකකරු සිය ත්‍රිරෝද රථයේ සවිකරගෙන එම ආයතනයේ සේවකයෙක් වශයෙන් පෙනී සිටිමින් මෙම සොරකම සිදුකරන බවද පොලිසිය පවසයි.
මොහු මීට දින කිහිපයකට පෙර යූනියන් පෙදෙසේ පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසලට ගොඩවී එහි වායු සමීකරණ
කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් කුලී පදනම මත ලබාගෙන සැකකරු මෙම සොරකම් සිදුකර ඇති බවද පොලිසිය පවසයි. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ජෙනරේටරවල සවිකර ඇති රුපියල් ලක්ෂ ගණන් වටිනා බැටරි රුපියල් 5000,6000ක අතර මිලකට දෙහිවල ප්‍රදේශයේ යකඩ බණ්ඩු කඩවලට අලෙවි කර ඇති බවද අපලිසිය පවසයි.
කොළඹ මධ්‍ය කොට්ඨසය බාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි උදය හේමන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත කොම්පඤ්ඤවීදිය පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්හ.
- ඉන්දිකා රාමණායක