ණය ලබා ගැනීම රයකට  අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පැවසීය.ජාතික ජන බලවේගය විසින් සංවිධාණය කළ "ජහ සභාව" රැස්වීම්  මාලාවේ. මාතර දිස්ත්‍රික් ජන හමුව සඳහා පෙරේදා (28) මාතර රවින්ද්‍රනාත් ශාලාවේ පැවති අවස්ථාවේදි හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය, "ණය කියන්නේ අපරාධයක්

නෙමෙයි. ඒක, අපට අවශ්‍යය නම් ප්‍රාග්ධනය නැති වුනාම ප්‍රාග්ධනය සපයා ගැනීම 
සඳහා ණය ගන්නවා, දෙක, අපට ණය  ගැනීමේ තාක්ෂණය නැති වුණාම තාක්ෂණය ලබා ගැනීමට ණය ලබාගන්නවා. ලෝකේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපට බර වෙන්න හේතුව තමයි අපි ගන්න ණය වලින් ඇත්ත වත්කම් හෙළි නොවීමයි  . දැන් මේ පාලකයෝ ත්‍රිලියන 11ක් ණයකරුවෝ බවට පත්ව තිය‍ෙනවා.විගණකාධිකාරීවරයා කියනවා ත්‍රිලියන 11ක් ණය ගත්තට වත්කම් තියන්නේ 1.8ක් කියලා. එතකොට 9.2ක් අතුරුදහන්. එකෙන් තමයි ණය අර්බුදයක් ඇතිවෙලා තිය‍ෙන්නේ.ණය වලින් ඇත්ත වත්කම් හැදුන් නැහැ. ඒ නිසා මේ ණය බරක් වෙලා තියෙන්නේ අන් කවර කරුණක් නිසා නෙමෙයි ණය වලින් අපි ඇත්ත වත්කම් හැදුවේ නැති නිසා, ණය වලින් අවශ්‍යය වතම් නිර්මාණය කළේ නැති නිසා. මේ ළඟදී අපි දෑක්කා ජනාධිපතිතුමාම කියනවා නෙලුම් කුළුනට දීපු කෝටි 200ත් දීපු තැනක්වත් නෑ කියලා. ඒ වගේම අපේ හඳුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සුරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම් වියදම් බිලියන 5යි හැබැයි එය තක්සේරු කලාම වටිනාකම බිලියන දශම9 යි. ඒ කියන්නේ කෝටී 500ක ඉදිකිරීමක් කරාම ඒක තක්සේරු කරාට පස්සේ ති‍ය‍ෙන්නේ කෝටි 90යි කෝටි
410ක් අතුරුදන්වෙලා
 තීයන්නේ. මේ අර්බුදය පත්තු වුනේ එතැනින්. එහෙනමි මේ අර්බුදයට අපේ තිය‍ෙන විසඳුම තමයි  ණය නැවත අපි සමීකරණයට ලක් කරන්න ඕන ඒ අය එක්ක සාකච්ඡා කරලා. දෙක නැවත අපි ණය ගන්න අත්‍යවශ්‍ය  තැන් දෙකක් තියෙනවා යොදවන, එක නිෂ්පාදනය කිරීම් වලට අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට ණය ගන්න ඕන, ජාතික නිෂ්පාදනය වැඩී කිරීමේ සැලැස්මක් අපට තියනවා ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ආදායම වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ. මෙම අවස්ථාව සඳහා යන්නේ මහා සංඝරත්නය, සුනිල් හදුනෙත්ති, සරෝජා පොල්රාජ් යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
  -මහේෂ් මලවර ආරච්චි-