https://www.gossiplankanews.com/2019/09/akuressa-hospital-incident.html
වෛද්‍ය වැඩ වර්ජනය පැවති ඉකුත්දා අකුරැස්ස රෝහලට වෛද්‍යවරයෙකු ලෙසින් පැමිණි පුද්ගලයකු කාන්තාවක් රවටා ඇගේ ළඟ තිබූ රුපියල් හැත්තෑදාහක් පමණ වූ රන්මාලයක් සහ මුද්දක් සොරකම් කරගෙන ගොස් ඇති බවට
ඇය විසින් අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙසේ පැමිණිලි කර ඇත්තේ අකුරැස්ස, ගලබඩහේන කුරුඳුවත්තේ වලිමුණිගේ කරුණාවතී නමැති කාන්තාවකි.


මෙම කාන්තාව දියවැඩියාවට බෙහෙත් ගැනීම සඳහා අකුරැස්ස රෝහලේ පැවැත්වෙන සායනයට මසකට වරක් යන කාන්තාවකි.

මෙදින වැඩ වර්ජනයක් බව දැන සිටියද වැඩි

තැකීමක් නොකළ ඇය කෙසේ හෝ ලේ පරීක්ෂා කර ගැනීමේ අරමුණින් බාහිර රෝගී අංශයේ බංකුවේ වාඩිවී සිටින විට එම ස්ථානයට පැමිණි අයෙකු ඇයව චෙක්කළ හැකි බවත්, ඇය අසළ සිටි අනිත් කාන්තාවටද බෙහෙත් ලබාදිය හැකි බවත් පවසා විනාඩි 15 කට විතර පසුව බෝධිය පැත්තෙන් පහේ වාට්ටුවට එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය සහ අනෙක් කාන්තාව එම වාට්ටුවට ගොස් තිබේ. එසේ යනවිට මෙම පුද්ගලයා එහි සිටි ඇටෙන්ඩන් සමග කතාකරමින් සිට ඇත.

පසුව මෙම කාන්තාව ළඟට පැමිණි පුද්ගලයා ඇයව වාට්ටුවේ ඇඳක් අසලට රැගෙන ගොස් ඇයට ඇඳේ දිගාවන ලෙස පවසා වටතිර දමා තිබේ. එම අවස්ථාවේ මාල හා මුදු තිබෙන විට පරීක්ෂා කිරීම අපහසු බව පවසා ඒවා ගළවා බෑගයේ දමා මේසයේ තබන ලෙස

මෙම හොර වෛද්‍යවරයා පවසා ඇත. ඒ අනුව ඇය මාලය හා මුද්ද ගලවා බෑගයේ දමා මේසය මත තබා ඇත. පසුව ඔහු ඇටෙන්ඩන්ට කතාකර කාරයේ බෑගයක් ඇති බව පවසා එය ගෙනඑන ලෙස පවසා ඇත. ඒ අනුව පිටවී ගිය

ඇටෙන්ඩන් යළිත් පැමිණ කාරය නැති බව පවසා තිබේ. ඒ අවස්ථාවේදී ඔහු මම ගිහින් බලල එන්නම් කියා එම  ස්ථානයෙන් පිටව ගොස් ඇත.

මෙසේ ගිය ඔහු හුඟ වෙලාවකින් නොපැමිණි නිසා කාන්තාව බෑගය බලද්දී එහි මාලය හා මුද්ද නොමැති බව දැක ඒ බව සිටි අනිත් කාන්තාවටද පවසා ඇත. මේ පිළිබඳව ඇටෙන්ඩන්ට පැවසීමේදී මේ ගැන මුලදී කිව්වේ නැත්තේ ඇයි දැයි ඔහු විමසා තිබේ.

මෙම පැමිණිල්ල අනුව හොර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස