චාර්ය ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, අහස් ගව්ව, පාර දිගේ, 'සොල්දාදු උන්නැහේ ' වැනි චිත්‍රපටවල රූපිත ස්ත්‍රී චරිත කූටප්‍රාප්තියට පත්කළේ ඇයයි. ඒ අශෝක හඳගම නමැති ප්‍රවිණ සිනමාකරුවාගේ චිත්‍රපටවලිනි. ඇය මේ වන විට අතර්ජාතික සම්මාන ත්‍රිත්වයකින් ද,
මෙරට සම්මාන උළෙල කිහිපයකින් ද සම්මානනීය බවට පත්වුයේ ඇයගේ රංගන කුසලතාවයන් මොනවට පැහැදිලි කරමිනි.

අනෝමා ජනාදරී නම් වූ මෙම රංගනවේදිනිය නිතරම කතාබහට ලංවෙන චරිතයකි. ඇය කෙළින් කතා කරන, තමන්ගේ ව්‍යප්තිය වෙනුවෙන් පෙනී සිටින චරිතාංග රංගවේදිනියකි. ඇය රඟපෑ චිත්‍රපට ත්‍රිත්වයක් ඇතුළත් "අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම” මෙම මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී නොමිලේ තිරගත කෙරේ.  එය නිමිති කරගෙන මේ රංගනවේදිනිය සමග  සංවාදයේ සටහනයි.

• ඔය රඟපෑ චිත්‍රපට ත්‍රිත්වයක් ඇතුළත් ප්‍රත්‍යාවලෝකන සිනමා  ඇල්මක් පවත්වන්න අදහස් කළේ ඇයි? මොකක්ද එයට පාදක වූ       නිමිත්ත?
1947 වසර ඇරඹෙන ලංකීය සිනමාව අනුකාරකවාදී සිනමාවක් හැටියටයි මා දකින්නේ. දෙආකාරයකින් මෙය සිදුවුණා. පළමුවැන් දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට අනුකරණයයි. දෙවැන්න අපේම එකළ පැවැති නාට්‍ය අනුකරණය කරමින් ගොඩනැගුණු චිත්‍රපටයි. සිනමාවේ මූල් දශකය පුරා බිහි වූ චිත්‍රපටවල මූර්තිමත් ගායනය, රඟපෑම්, දෙබස් උච්චාරණය අතුළු තේමාව අනුකාරකවාදියි.

50 දශකය අග භාගයේ ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරීස් තමයි 'රේඛාව' හරහා සිනමා බස හෙවත් සිනමා රූපය අපේ පෙළොවට හඳුන්වා දි අනුකරණයයන් බැහැර වුණේ. ලෙසටර් හදුන්වා දුන් මර්ගය විනිවිද දකිමින් 'වම් ඉවුරේ සින‍මාව' හඳුන්වා දෙමින් ධර්මසේන පතිරාජ තමයි සිනමාවට සමාජ දේශපාලනික යථාර්ථය ඇතුළත් කලේ.

ඒ පුරෝගාමී ද්විත්වය තේමාව, දෙබස්, රඟපෑම , සංගීතය, ගායනය යන විෂයයන් එකළ පැවතුණු
තත්වික මනෝභවයන්ගේ සුවිශාල වෙනස්කම් ඇති කරන්නට සමත් වුණා. පීඩිත පංතිය මත සිදු කරන සිදු කෙරෙන ධනපති සූරාකෑම හා දේශපාලන ඉඟිනියාව මතු කරන්නට පතිරාජ සිදු කළ විප්ලවය තවමත් හරිහැටි තක්සේරු කර නෑ.  ඔහුගේ චිත්‍රපටවල නියළුණු නළු නිළියන් පවා තවමත් දන්නේ නෑ ඔහු කළේ කුමක් ද කියන එක.

කෙසේ වුණත් මෙරට පැවති යුද්ධය කම්කරු පංතිය දුක් පීඩා සම්බන්ධයෙන් ඇති වූ වසංගත විනිවිද දකිමින් එඩිතරව නම් නිර්මාණකරණය මෙහෙය වූ නිර්මාණකරුවෙක් තමයි අශෝක හඳගම, ඔහුගේ නාට්‍ය, ටෙලිනාට්‍ය භාවිත වන්නේ අන්තර්ගතය හා ආකෘතිය තුළ තිබූ ප්‍රබල බව ඉහළයි.

මේ ක්‍රියාකාරකම් මා දකින්නේ සිනමාවේ විද්‍යා යුගය හැටියටයි. මා හිතනවා එ ඒ කාර්යභාරයේ දැනුවත් මනසින් නියළුණු නිළිය කියා.  ඊට දෙස් දෙන ඔහුගේ චිත්‍රපට 2ක් හා ඉන්පසු පරම්පරාවේ සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි චිත්‍රපටයත් අරගෙනයි මම මගේ ප්‍රත්‍යාවලෝකනයට එළඹෙන්නේ..

• කොලහොමද ඔබ හඳගමගේ විඳ්‍යාත්මක භාවිතාව සංජීව පුෂ්පකුමාර දක්වා රේඛනය කරන්නේ?
මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. පාලක පැලැන්තිය හැමවිටදී ඉතාම සුක්ෂමයි සමජය විනිවිද දකින කළාකරුවා හා සාහිත්‍යකරුවා හෝ සිනමකරුවා මර්දනය කරන්න. ඒ වාගේම නිර්මාණකරුව මතක තියාගන්න ඕනේ තමා උඩුගංබලා පිහිනන පුද්ගළයකු බව. එසේ නොවන විට සිදුවන්නේ තමාගේ දෘෂ්ටිවාදය කරන පල්ලම් ගසන දැවැන්ත ගොදුර තමන් තුළදී නිර්මාණය වන බවයි.

මෙය අතර සිටි මට තෙරුණත්, හඳගමට වැටහුණේ නෑ. 'හඳගම තදින් සිතට ගත්තොත් හොඳයි හදගමට හඳගම නැතිවෙන බව. ආපසු හරිලා හැකි ඉක්මනින් හඳගමව සොයා ගන්න. මෙහෙම කිව්වේ 'තනි තටුවෙන්' පස්සේ මමයි. මේ ප්‍රතිවිරෝධි අවසානය වුණේ අපේ සආජවාදී ව්‍යාපාරය දෙකඩවීමයි. කාලය ගතවුණා. ඔහු දිගට හරහට නිර්මාණකරණයේ යෙදුණා .

මම කල්යල් බලා සංජිවගේ පිටපත තෝරා බේරාගන එයට මගේ ප්‍රාණය දුන්නා. සංජිවගේ තිර නාටකය මා කියවද්දි මට වැටහුණු කරුණු 3ක් තිබුණි. ඉන් පළමුවැන්න හඳගම අනුභූති සංසරණයේ නියළුණු පොලොවේ උරුමක්කාරයා සංජිව බව. දෙවැන්න කුසුම් නමැති චරිතය වෙනදා මා ආඛ්‍යානය කළ හඳගමගේ දුන්හිඳ අද්දර, දියකැට පහණ, සින්තටික් සිසනය' යන නිර්මාණාචල දිගුවක් හැටියටයි. තෙවැන්න දේශපාලනික හා තවත් හේතු මත මර්දනයෙන් යටපත් වුණු හඳගමගේ දෘෂ්ටිවාදි ප්‍රයානයේ සමාජ සත්කාරය සඳහා ඊළඟ පරම්පරාව සමග මා එකතු විය යුතු බවයි. ඔබ මේ චිත්‍රපට ත්‍රිත්විය නරඹා අවසන් වනවිට මේ කාරණය ප්‍රත්‍යාවලෝකනය වෙවි.


• තනි තටුව, මේ මගේ සඳයි, දැවෙන විහඟුන්" යන විත්‍රපට ත්‍රිත්ත්වය තුළ ඔබේ සමාජ දේශපාලනික රඟපැමේ කාර්යභාර්යේ විද්‍යාත්මක භාවිතාව කුමක්ද කියා පැහැදිලි කරන්න පුළුවන්ද?

මෙරට තිරනාටක රචකයා හෝ අධ්‍යක්ෂවරයා නළු කාර්යය පිළිබඳව ඇති නූගත්කම් නිසා හිතනවා හැකිතාක් නිර්මාණයට ගන්නා නළු නිළියන් මර්දනය කරගෙන වැඩේ කරන්න ඕනේ කියළා. ඒ වගේම නළු නිළියන්ට දේශපාලන දැක්ම ගැන අවබෝධයක් නෑ. ඒ නිසා ඒ ගැන පැහැදිළි නොකර වැඩ කර ගන්න ඕනේ කියලා අධ්‍යක්ෂවරයා සිතනවා.


නළු නිළියන්ගේ පැත්තේන් බැලුවත් ඔවුන් තමුන්ගේ ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ නොකරන පිරිසක් නිසා ඔවුනුත් මේ අශාස්ත්‍රීය වැඩේට හවුල්වෙනවා. අවසානේදී වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටීය අවුල් වියවුල් වුණු චිත්‍රපටයක් ප්‍රේක්ෂකයාට නරඹන්න වෙන ඒකයි. ඔබ දන්නවා 'අක්ෂරය' චිත්‍රපටය තමයි නිර්මාණාකරුවාගේ සිනාමාවේ බිඳ වැටීම. එය බිද වැටුණේ තහනම් කළ නිසා නොවෙයි. ප්‍රධාන ස්ත්‍රී භූමිකාවේ අන්තර්ගතය හරය සහමුළින්ම "ඕවර් ප්ලේ" කළ හින්දයි. එය නිර්මාණකරවාගේ සියදිවි නසා ගැනීමක් බවට පත්වුණා.


මෙරට නිර්මාණකරුවා නළු නිළියන් ප්‍රකාශනය ගැන එතරම් අවතක්සේරුවක හිටියත්  තමුන් කෘතිය හරහා මතුකරන යථාර්ථය දැනගනීමේ අපෝහක භෞතිකවාදය (Dialectical Materialismil) රඟපැමේ  නළු නිළියන් ප්‍රශස්ත ලෙස මානසික තිරෝභූතිය (Mental Alieration) ප්‍රගුණ කර තිබිය යුතුයි. පියුම් සමරවීර (අක්ෂරය), චන්දනී සෙනවිරත්න (විදු), රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග) රඟපෑමේ ශෛලිය දන්නේ නැති බව සිනමා කෘති විසින්ම අපට ඔප්පු කළා. මගේ චරිතවලින් ඕනෑම රඟපෑමක් ගෙන ඉහත නිලියන් හා සංසන්දනාත්මකව බලා ඕන කෙනකුට විචාර, විවේචන ඇත්නමේ ඉදිරිපත් කළ හැකියි. නැතිනම් ඒවායේ ඇති විද්‍යාත්මක බව තහවුරු කරගත හැකියි.

•කලාත්මක ධාරාවේ සිනමාකරුවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාදයට ගැළපෙන ශිල්පීන් එකතු කර ගැනීම මතය කියලද ඔබ කියන්නේ?
පැහැදිවම එහෙම නතිවුණොත් වෙන්නේ ප්‍රේක්ෂකයා ඉදිරියේ නිර්මාණකරුවා තවත් අවුල් ජාලාවක් නිර්මාණය කරන එකයි.

 • ඔබ ඔය කියන මානසික තිරෝභූතිය (Mental Alienation) සරලව විස්තර කරන්න බැරිද? එයින් ඔබ     කියන්න අදහස් කළේ කුමක්ද?
පුළුවන්. හුරුපුරුදු හැඟීම් අසහා සම්බන්ධ කිරීම්  (Alienation the Familiar) "තනි තටුවේ' මංජුගේ චරිතය ජීවත් වෙන්නේ ස්ත්‍රීත්වය නමැති මුඛ්‍ය හුරු පුරුදු හැගීමේන් පරාරෝපණයවයි. 'මේ මගේ සඳයි' චිත්‍රපටය මගේ චරිතය ජීවත් වන්නේ යුද්ධය, බඩගින්න, විසංවාදී ආදරය නැමැති හුරුපුරුදු නොවන හැගීම් එක්කයි.

ඝාතනය වූ සැමියාගේ වියෝවෙන් හුදු "දැවෙන විහඟුන්" ජීවත් වන්නේ දරුවන් 8 දෙනකු නැන්දණිය සමග බිරිඳගේ මවගේ ආදරය හැගීම්වලින් පරාරෝපණයවයි.  වත්සුණු තවරාගෙන ජනප්‍රිය පිපාසයෙන් රඟපාන්න එන නිළියන්ට නම් මේ‍ වාගේ මනෝභාවයන් රඟපාන්න ලබන ආත්මියයේදීවත් බැරිවෙවී. මේ රඟපෑම සහ එය කැමරාවේ සටහන් කර ගැනිම නිළියකගේ හා කැමරා අධ්‍යක්ෂවරයාගේ සුසංයෝගයේ කාර්යභාරයක්.

• පසුගිය කාලයේ ඔබ හඳගම හෝ සංජීව දෙදෙනාට 'මුහුණු පොත' හරහා පහර පිට පහර දුන්නා. පුද්ගලිකවත් ශාස්ත්‍රීයවත් ඔවුන්ව දැඩි ලෙස විවේචනය කළා. ප්‍රසිද්ධ ස්ථානවලදී රණ්ඩු සරුවල් ඇතිකර ගන්න සැදුවා. දැන් මේ ප්‍රත්‍යාවලෝකනයත් සමග ඔවුන් හා තිබූ විරසකය අහවර වෙනවාද?
එම නියෝජනය කරන්නේ කලාවේ දුර්වල 'සරල' රස නිෂ්පාදනය නොවෙයි.ප්‍රබල 'සංකිර්ණ' රසයයි. ඔබ අපි හැමෝම දන්නවා කලාත්මක ධාරාවේ නිර්මාණකරුවා දෙබ්ඩ්ඩෙක් බව. ගැහැනියගේ සූරාකෑම ගැන චිත්‍රපට හදනවා. නිළියන්ට සම්මාන සිහින පෙන්වලා ඇයගේ වෘත්තීය හැකියා, නිරුවත සුරාකනවා. මගේ මේ චෝදනා කලාත්මක ධාරාවේ එදා මෙදාතුර සියලුම අධ්‍යක්ෂවරුන්ට වළංගුයි. ඒත් ඔවුන් මුනිවත රකිනවා.

• ඔබේ රඟපෑමේ කලාවේ පැවැත්ම හෙවත් අනාගතය කෙබඳුද? මන්ද ඔබ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් වීම සහ කෙළින් කතා කිරීම නිසා ඉදිරිය අවිනිශ්චිතයි නේද?
'තනි තටුව' රඟපාලා "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ රඟපවේ වසර 12කින්. බඩගෝස්තරය හෝ අශාවට රඟපෑම මගේ වෘත්තිය නොවෙයි. රටේ ඉහලම පුරවැසියාගේම සිටි සියලුම පක්ෂ නායකයන් සිතන්නේ ගණිකාවකගේ චරිතය රඟපාන නිළිය ගණිකාවක් වෙන්නැති කියලා.පුදුම වැඩේ කියන්නේ සංස්කෘතිය භාර ඇමැතිවරු, නිළධාරීන් හිතන්නේ එහෙමයි. මාව චිත්‍රපටවලට ගත් නිර්මාණකරුවන් පවා බලාගෙන හිටියේ මම ඒ වෘත්තිය තෝරා ගනීවි කියලා. මේ අය එහෙම බලාගෙන ඉන්නකොට ලෝක සම්මාන 3ක් මම මගේ රටට හිමිකර දුන්නා. බලනකොට ලලිතා සරච්චන්ද්‍ර මහත්මයා කිව්වා වගේ මම 'බැන්ඩිට් ක්වීන්' කෙනෙක්ම තමයි.