ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා වශයෙන් දේශපාලන සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  හමුවූ නමුත්, කිසිඳු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ
සාමාජිකත්වය ගැනීමට කටයුතු

නොකළ බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි. පුවත්පත්වල ඊයේ (23) පළවූ ඡායාරූප වාර්තාවක තමන් එක්සත් ජාතික පක්ෂ රජයට සහාය දීමට එජාපයට එක්වූ බව සදහන්ව ඇති නමුත්, අඩුම තරමින් එවැනි සාකච්ඡාවක්වත් සිදු නොවූ  බුද්ධදාස මහතා ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මේ රටෙි දෙවැනි පුරවැසියා වන අගමැතිවරයා හමුවන්නට අරලියගහ මන්දිරය යන්නේ එජාපයට සහය දීමට හෝ ආණ්ඩුවට එකතුවීමට පමණක් නොවන බව කුඩා දරුවකුට වුවත් වැටහෙන බිද ඒ මහතා කියා සිටියි.උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයෙකු' වන තමන්ට පක්ෂ මාරු කිරිමේ බොළද ආශාවක් නොමැති බවත්, තමන් සතු දේශපාලන ප්‍රතිරූපය බිදදැමීමට කුමන්ත්‍රණකරුවන් දරන උත්සාහයක් බව පෙනී යන බව ද ඔහු විසින් එවන ලද ලිපියේ සඳහන්ව ඇත. කිසි දිනෙක වෙනත් පක්ෂයකෙට නොයන බවත්, තමන් දේශපාලන මහගෙදර වන ශ්‍රීලනිපය රකින්නට දිවිහිමියෙන් කැපවන බවත් ඔහු දන්වා සිටියි.