ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත්
නිලධාරියකු ලෙස යුද හමුදාවට
එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන යුද හමුදා කණ්ඩායම, චන්දිමාල්ගේ ආගමනයත් සමඟ තවදුරටත් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමක් බවට පත් වනු ඇතැයි යුද හමුදා ක්‍රිකට් සමාජයේ කලමණාකාරීත්වය විශ්වාස කරයි