ඩාවුඩ් බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆ්ද්දල් සෙයිෆුද්දීන්තුමා ශ්‍රී ලංකාවේ ජාතික වකුගඩු අරමුදලට රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගීන්ගේ සුබ සාධනය සහ පහසුකම්  වැඩිදියුණු කිරිම සඳහා එම මුල්‍ය පරිත්‍යාගය සිදුකරන බව බෝරා අධ්‍යත්මික
නායකයා ප්‍රකාශ කර තිබේ.


බෝරා ප‍්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව පසුගියදා කොළඹ දි සාර්ථකව පැවැති අතර එහිදී අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා තුමා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවිය.  අධ්‍යාත්මික නායකවරයාගේ පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරිමට පිහිටුවා ඇති අරමුදලට දායක වීම සම්බන්ධයෙන් බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයාට සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන බවය.

-රංජන් කස්තුරි-