https://www.gossiplankanews.com/2019/09/dilrukshi-dias-interdicted.html
වන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට
රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඇය ඇවන්ට් ගාඩ් සභාපතිවරයා සමග පුද්ගලිකව දුරකථන සංවාදයක යෙදෙමින් රාජ්‍ය සේවයේ වගකීම පැහැර හැර ඇති බව සිදු කළ පරීක්ෂණයෙන් ඔප්පු වී ඇත.
ඊයේ තාවකාලිකව වැඩ තහනම් කර ඇගේ දුරකථන සංවාද විමර්ශනය කළ අතර එසේ සිදු කළ විමර්ශනයෙන් පසු මේ තීරණය

ලබාගෙන ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය එම සභාවේ ලේකම්වරයා විසින් දුරකථන මාර්ගයෙන් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබ තිබේ.
දිල්රුක්ෂි මහත්මිය වෙනුවට වැඩබලන අයෙකු මේ වනවිටත් ඇගේ තනතුරට පත් කර තිබේ.