https://www.gossiplankanews.com/2019/09/dodangoda-accident-music-player-jeep.html#more
සුගිය සතියේ දක්ෂිණ අධිවේග මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශය ආසන්නයේ මාරාන්තික අනතුරක් සිදු විය.
සුඛෝපභෝගී ජීප් රථයක් වේගයෙන් ගොස් අධිවේගයේ නවතා තිබූ සේවාවන් සපයන ආපදා රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් තිස් එකයි දශම හත
ස්ථානයේදී 25 දින රාත්‍රී  සිදුවූ මෙම අනතුරින් එය පැදවූ ව්‍යාපාරික මහතෙකුත් කාන්තාවන් තිදෙනෙකුත් තුවාල ලද අතර පසුව කාන්තාවන් දෙදෙනෙක් මියගියහ.
 අනතුරින් මියගොස් තිබුනේ සිද්ධමුල්ල සුනෙත්‍රා ජයන්ති කූරේ නමැති කාන්තාවක හා පිළියන්දල රූපවතී අත්තනායක නමැති තවත් කාන්තාවකි.

මියගිය සුනෙත්‍රා නමැත්තියගේ ව්‍යාපාරික පුත්‍රයා අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවමින් සිටියේය.

කරන්දෙණිය ප්‍රදේශයේ මළ ගෙදරකට සහභාගීවීම සඳහා ඇය ඇයගේ මිතුරියන් තිදෙනකු හා පුතු සමග ගොස් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු විය.

සුබෝපභෝගී ජීප් රථය දොඩංගොඩ අධිවේහි පිවිසුම පසුකර මඳ දුරක් පැමිණෙමින් සිටියදි මියගිය මව ජීප් රථය පැදවූ පුතු අමතා ජීප් රථයේ ගීත වාදනයන්ත්‍රය ක්‍රියාත්මක කරන ලෙස පවසා ඇතැයි පුතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයෙන් හෙළිව ඇත.

එම අවස්ථාවේ ඔහුගේ අවධානය තරමක් වෙනස්වී වාදන යන්ත්‍රය දෙස අවධනය යොමුවූ බවත් ඒ සමගම නවතා තිබූ ආපදා රථයේ වේගයෙන් වාහනය වැදුණ බවත් තමාට එය බේරාගෙන පාලනය කිරීමට වේලාවක් ඉතිරි නොවූ බවත් ඔහු පවසා ඇත.

ජීප් රථය ආපදා රථයේ ගැටීමත් සමග එය ආපදා රථයේ පිටුපස සිරවී ඇති අතර තුවාලකරුවන් පිටතට ගැනීම සඳහා පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා ඇත. ජීප් රියේ ඉදිරිපස කොටස කපා දැමීමට ද සිදු වූ බව පොලිස් නිලධාරියක් පැවසීය.

බරපතළ තුවාල ලද පස් දෙනාගෙන් රියැදුරු හා කාන්තාවන් කළුතර නාගොඩ රෝහලටත් සෙසු කාන්තාවන් තීදෙනා බණ්ඩාරගම පානදුර හා හෙරණ රෝහලවලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.  එම රෝගීන්ගෙන් මියගිය දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාව හා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කළ කාන්තාව බව පොලිසිය කියයි.