“ගෝඨභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න රජය මේ වනවිට නොයෙකුත් කුමන්ත්‍රණ කරනවා. ආණ්ඩුවේ වෙච්ච හොරකම් ගැන අපි සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළාද? නෑ. අපි එජාපයේ
අපේක්ෂකයා සතුටින් පිළිගත්තා. හැබැයි අපේ අපේක්ෂකයා හිරේ දාන්න කතා කරනවා" යයිද ඩලස් අලහප්පෙරුම් මහතා පැවසීය.
කඹුරුගමුව ප්‍රදේශයේ පෙර්දා (8දා) පැවැති පාක්ෂිකයන් බලගැස්වීමේ රැස්වීමක් අමතමින් ඒ මහතා මෙසේ පැවැසීය.
“අපි මැතිවරණය ළංවෙච්ච වෙලාව හරියටම
තව දවස් 49කින් ජනාධිපතිවරණය තියෙනවා. අපි මාස එකහමාරකට ඉස්සෙල්ලා කිව්වේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියායි. දැන් ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙ ඉල්ලනවාට බයේ ගෝඨාභය හිරේ දාන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ඒගොල්ල නම් කළාම අපි සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කරන්න ගියාද? අපි බොහෝ කැමැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයකු විධියට පිළිගත්තා. ඒ කාලයේ වෙච්ච හොරකම් ගැන කතා කළාද? දේශපාලකයන්ගෙන් ප්‍රශ්න ගැන කතා කරන කොට ගෝඨාභය මහත්තයා කතා කරන්නෙ 'උත්තර' ගැන. බලන්න කොයිතරම් ශීලාචාර මනුෂ්‍යයක්ද? ගෝඨාභය මහත්තයා කතා කරන්නේ මොනවා ගැනද? කාටවත් 'මඩගහනවාද? කාටවත් ඇඟිල්ලක් දික්කරනවාද? ගෝඨාභය විවෘතව කතා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් කොහොමද මේ රටේ ආරක්ෂිතව ජීවත් වෙන්නේ කියන එකයි.

විදේශ රාජ්‍යවලට දණ ගහන්නෙ නැතිව කොහොමද ශ්‍රී ලාංකික පුරවැසියන් ශක්තිමත් කරන්නේ? සහරාන් වගේ බලවේගවලට බය වෙන්නෙ නැතිව කොහොමද මේ රටේ මිනිසුන් ජීවත් වෙන්නේ? අපි දන්නවා අපේ ඉරෙන් එහා පැත්තෙන් ඉන්නේ කවුද කියලා.  සජිත් මහත්තයා. දැන් පිල් දෙකකට හොඳට බෙදිලා තියෙනවා. ආයිත් පැටලෙන විධියක් නැහැ. මැදින් ඉරක් ඇඳලා
තියෙනවා. කණ්ඩායම් දෙකක් දෙපැත්තේ තියෙනවා, අපේක්ෂකයො දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. ඕනෑ විධියකට බෙදාගන්න පුළුවන්. හැබැයි වෙනස පැහැදිලිව පේනවා. ගෝඨාභය මහතයා අනාගතය ගැන කතා කරනවා. ඉරෙන් එහා පැත්තෙන් ඉන්න කට්ටිය අතීතයේ දේවල් කියනවා.ගෝඨාභය මහත්තයා 'ගොඩ' ඉන්න කතා කරනවා. අනෙක් අය මඩේ” බහිනවා. ගෝඨාභයගේ හඩ' පේනවා. ඉරෙන් එහා පැත්ත‍ෙ අයගේ 'හඬ'පේනවා. ගෝඨාභය මහත්තයා "ආදරෙන්' කතා කරනවා. ඉරෙන් එහා පැත්තෙ අය වෛරයෙන් කතා කරනවා. වෙන්වෙලා රටටම පේන්න පටන් අරගෙන තියෙනවා."