මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 07 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ඒ අනුව
පිළිගත් දේශපාලන පක්ෂ 04ක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්ය.

මේ වන විට පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අජන්තා පෙරේරා, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ සහ ඊයේ දිනයේ අවසන් වරට ආරියවංශ දිසානායක  ඇප මුදල් තැන්පත් කර ඇත.

පසුගිය 19 වනදා සිට ඇප මුදල් භාර ගැනිම සිදු කෙරුණි.