ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන මුදල්
පිළිබඳ ඔක්තෝබර් පළමු වැනිදා සිට සොයා බලන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ සඳහා නිරික්ෂකයන් දෙසියයක් මූලික වශයෙන් අදාළ කටයුතුවලාව යොදවන බවත්, මාධ්‍ය හරහා සිදුකරන ප්‍රචාරක කටයුතු පිළිබඳ සොයා බැලීමට ඒකක තුනක් ස්ථාපිත කර තිබෙන බවත්
එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා අපේක්ෂකයා සිදුකරන ප්‍රචාරක වියදම්වලට අමතරව ඔහුට සහාය දක්වන පිරීස් සිදුකරන ක‍්‍රියාකාරකම් පවා ගණනය කිරීමකට ලක්කරන බවත්, අදාළ වාර්තා සතිපතා ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පවසා සිටියේය.මැතිවරණය අවසන් වූ පසු එක් එක් අපේක්ෂකයා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ මුදල ප්‍රකාශයට පත් කරන බවත්, මේ හරහා මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ කටයුතුවලටද සහායක් ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ