වර්තමානය වනවිට විලාසිතාවක් බවට පත්කරගෙන ඇතැයිද එහිදී විරෝධතාකරුවෝ චෝදනා කළහ.
මහජනතාගේ බදු මුදලින් යැපෙමින් උසස් ජීවිත තත්ත්වයක් ගතකරන රාජ්‍ය සේවකයන් ඔවුන්ට වැටුප්
ගෙවිමට බදු ගෙවන අහිංසක ජනතාව කෙරෙහි කිසිදු තැකීමක් නොකොට මහජනයා තළා පෙළා සිදුකරන වැඩ වර්ජන හමුවේ තවත් බලා සිටිය නොහැකි බව ඔවුහු අවධාරණය කළහ.
2019 වර්ෂයේ රට පුරා රජයේ සේවකයන් විසින් වැඩ වරින 500 කට ආසන්න සංඛ්‍යාවක් කළ බවත් ඒ තුළින් සමස්ත රාජ්‍ය ණය තවත් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු එහිදී පෙන්වා දුන්හ. රජයේ කාර්යාල මගින් ඉටුකර ගැනීමට ඇති සේවා ආවරණයට කිසිදු රජයේ නිලධාරියකු අතිරේක දිනයක් ඒ වෙනුවට වැඩ නොකරන බැවින් මහජනතාව ඇපයට තබා වැඩ වර්ජනය කිරීම ශිෂ්ට සම්පන්න සමාජයට නොගැළපෙන බවත් ජනතාව එහිදී අනාවරණය කළහ.
වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු දිනා ගැනීමට වැඩ වරිඡන වෙනුවට විකල්ප ක්‍රමයක් යොදා ගැනීමට කටයුතු කළේ යුතු බවද ඔවුහු පැවසූහ. රජයේ සේවකයන් වැඩ වර්ජන කිරීම නතර කිරීමේ වගකීම පවත්නා රජය, විපක්ෂය ඇතුළු සියලු දේශපාලනඥයන් සියලු ආරක්ෂක හා අධිකරණය ආයතන විසින් බාරගත යුතු බව ද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.
ඇල්පිටිය පොරවගම මාර්ගයේ බලගල හන්දියෙන් ආරම්භක කෙරුණු විරෝධතා පා ගමන ඇල්පිටිය පොරවගම හරහා මාපලගම මාර්ගයේ නාරංඕවිට දක්වා ගමන්කර නැවත එම මාර්ගයේම බලගල හන්දියට පැමිණ පිරිස විසිර ගියහ. විරෝධතා පා ගමන සඳහා දේශපාලන හා ආගම් බේදයකින් තොරව 200කට ආසන්න ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.
-බී.ජී.අමරසිංහ-