සිය ඇසෙන් පිටවන කඳුළු, දියර ලෙස නොව කැට හෙවත් ස්ඵටික ලෙස කඩා වැටෙන තරුණියක් පිළිබඳව ආර්මේනියාවෙන් තොරතුරු වාර්තා වෙයි.22 හැවිරිදි වියේ පසුවන සැටෙනික් කරාසියන් නම් ඇය මේ වනවිට
එම තත්ත්වයත් සමග දැඩි වේදනාවට පත්ව සිටින බවත් පැවසෙයි. දැනට මාස දෙකකට පමණ ඉහතදී ඇය පළමු වරට මෙම අත්දැකීමට මුහුණ දී ඇත. එහිදී ඇය තම ඇසෙහි යම් දූවිලි රැදීමක් සිදුව තිබෙන බවට සිතා ඇත.

එහෙත් පසුව ඇය අක්ෂි වෛද්‍යවරයෙකු හමුවීමන් අනතුරුව ඇසෙහි
තිබූ මෙම කදුළු ස්ඵටික ඉවතට රැගෙන තිබේ.එම අවස්ථාවේදී කරාසියන්ගේ පවුලේ සාමාජිකයන් මේවා වීදුරු ලෙස සැකකර ඇත.එහෙත් අදටත් දිනපතාම පාහේ
ස්ඵටික බවට පත්වූ කඳුළු 50 බැගින් ඇගේ ඇසෙන් පිට වන බව පැවසෙයි. මෙම අසාමාන්‍ය තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යෛවරුද තවමත් අපොහොසත්ත්ව ඇතැයිද වාර්තා සඳහන් කරයි.

ඇය පිළිබඳව අවධානය යොමුකර ඇති අර්මේනියානු සෞඛ්‍ය අමාත්‍යවරයාද ඇයගෙන් මෙම අසාමාන්‍යය තත්වය පිළිබඳව විමසා ඇත.එසේම එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අක්ෂි වෛද්‍යවරයා දෙවරක් ඇය හමුවී පරීක්ෂා කර ඇත. ඇගේ ඇසෙන් පිට වූ මෙම ස්ඵටික පරීක්ෂාව සඳහා විද්‍යාගාර වෙත ලබා දී තිබේ.