අධික වැසි තත්වය නිසා ගාල්ල කොකාවල කන්දේ නාය යාමට ලක්ව ඇත බව දහවල් වාර්තා විය.

මේ නිසා වඳුරඹ ප්‍රදේශයේ
කාන්තාවක් මියගොස් තවත් ආබාධිත තත්වයේ පසුවූ කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි ලසන්ති නම්වූ කාන්තාවකි.
වඳුරඹ පොලිස් වසමේ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් මෙලෙස නාය යාමට හසුව ඇත. එම නිවෙස් දෙකේ සිටි එක් කාන්තාවක් නිවස තුල පස් වලට යටවී සිටියදී සොයා ගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති නමුත් ඒ වන විට ඇය මියගොස්  ඇති අතර නාය යාමට ලක්වූ අනෙක් නිවසේ සිටි ආබාධිත කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මියගිය කාන්තාවගේ දරුවන් තුන් දෙනා බේරා ගැනීමට හැකි වී ඇත.
මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ තවමත් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල
පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇත.