කල්ලියක සමාජිකයකු පෙරේදා (15) බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ පොලිසි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.
ප්‍රධාන සැකකරුගේ ගෝලයන් පොලිස් වෙසින් එම නිවෙසට කඩා වැදී මෙම කොල්ලයන් සිදුකරන බව ද පොලිසිය කියයි. මැණිකක් විකුණන බවට තැරැව්කරුවකු කළ දැනුම් දීමක් අනුව ව්‍යාපාරිකයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 14ක මුදලක් ද රැගෙන ඉකුත් 5 වැනි දා මෙම නිවෙසට ගොස් ඇති බවත් එහිදි සැකකරුන් පිරිසක් පොලිස් නිලධාරීන් වෙසින් එම නිවසට කඩා වැදී එම ව්‍යාපාරිකයන්ට බොරු චෝදනා කරමින් මුදල් කොල්ලකෑ බවට පැමිණිලි ලැබුණ බව ද පොලිසිය පවසයි.
මැණික් විකිණීමට ඇති බවට බොරු ප්‍රචාර යවමින් ව්‍යාපාරිකයන් ඔහුගේ නිවෙසට ගෙන්වා ගන්නා ප්‍රධාන
සැකකරු ඔහුගේ ගෝලයන් හා තැරැව්කරුවන් ලවා මෙම වංචාව සිදුකරන බව ද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. මෙම සිද්ධියට සැකකරුවන් 10 ක් පමණ සහභාගි වී ඇති බව ද එම උසස් නිලධාරීයා කීය.
සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිසක් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඉහත සැකකරු පමණක් කඳාන ප්‍රදේශයේ දි අත්අඩංගුවට පත්වී ඇත. පරණ ඩි.ආර්.ඕ. පාරේ පදිංචි ප්‍රධාන සැකකරු වංචා සම්බන්ධයෙන් කිහිප වරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට නඩු රැසක්ම ඇති බව ද පොලිසිය පවසයි.
-ඉන්දිකා රාමනායක-