පොලිසියේ පිහිට පැතූ තරුණියක් පිළිබඳව ඊයේ (22දා) කෑගල්ල පොලිසියේ
ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වෙයි. මෙලෙස කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා
කාර්යාංශයෙන් පිහිට හා ආරක්ෂාව ඉල්ලා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකි.
දැනට කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයේ පසුවෙමින් සිටින්නේ රත්නපුර
ප්‍රදේශයේ
කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයේ පසුවන තරුණිය මාස කිහිපයක සිට
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන බව පොලිසිය කියයි. මෙම තරුණිය මීට මාස
කිහිපයකට ඉහතදී කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙක් දුරකථනය මාර්ගයෙන් හඳුනාගෙන ඇති බවද පොලිසිය
කියයි. අවස්ථා කිහිපයකදීම දෙදෙනා මුණගැසී ඇති අතර කිසිම දවසක තරුණිය තරුණයාගේ නිවෙසටවත්
කෑගල්ල නගරයටවත් පැමිණ නැති බව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් දන්වා තිබිණි.
සුපුරුදු පරිදි ඉකුත් 21දා පෙරවරුවේ තරුණයා දුරකථනයෙන් තරුණියට ප්‍රකාශ කර ඇත්තේ ඇඟලුම්
ආයතනයේ රාජකාරි කටයුතු නිම වීමෙන් පසු කෑගල්ල නගරයට පැමිණෙන ලෙසත්ය. පසුව තරුණිය සවස 2ට
රාජකාරි කටයුතු නිම කර තරුණයාගේ ඉල්ලීමට කෑගල්ල නගරය බලා බස් රථයකින් පැමිණ ඇති බව පොලිසිය
කියයි. සවස 4ට කෑගල්ල නගරයට පැමිණ ඇති තරුණිය තමා කෑගල්ල නගරයට පැමිණි බව දන්වමින් අවස්ථා
කිහිපයකදීම පෙම්වතාට දුරකථනයෙන් දන්වා ඇත. පසුව තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් තව සුළු
මොහොතකින් කෑගල්ල නගරයට පැමිණෙන බවත්ය.
තරුණිය සවස 4 සිට රාත්‍රි 10 දක්වා කෑගල්ල නගරය මධ්‍යයේ තනිවම සිට තරුණයාට දුරකථන ඇමතුම්
ගෙන තිබිණි. රාත්‍රි 10න් පසුව තරුණයා දුරකථනය විසන්ධි කළ බවත් පසුව තමන්ට යන්න එන්න තැනක්
නැති බව දන්වමින් පිහිටක් පතා පැමිණි බව දන්වමින් කෑගල්ල පොලිසියට පැමිණ ඇති බව පොලිසිය කියයි.
පසුව තරුණියගෙන් පොලිසිය කරුණු විමසා රත්නපුරයේ පදිංචි මවුපියන් වෙත සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත.
මවුපියෝ සිය දියණිය භාර ගැනීමට කෑගල්ල පොලිසියට පැමිණෙමින් සිටින බවද පොලිසිය කියයි.
දමුණුපොළ - චමින්ද ජයලත්