https://www.gossiplankanews.com/2019/09/gota-shiranthi-ajith-niwad.html
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව යම් හෙයකින් අවාසි අතට හැරු‍ණොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස ගෝඨාභය වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම
සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද 30 පස්වරුවේ කැඳවා ඇති බවද විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
පොදු ජන පෙරමුණට සමීප ආරංචි හෙළිකරන්නේ අදාල ලියකියවිලි වල

කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
කෙසේ වෙතත් සිය ප්‍රතිවාදීන් මෙහිදී නීතිය මුලට ගෙන උපායශීලීවී තිබෙන බවත් 02 වනදා එම විභාගය ඇරඹී 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වියහැකි බව කියැවේ.
මේ නිසා කල්තියා පක්ෂයක් ලෙස ඒ ගැන සූදානම්වීමේ අවශ්‍යතාව මත හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇති නම් අතර හිටපු කතානායක චමල් රාජපක්‍ෂ ඉදිරියෙන්ම සිටින බව විමල් වීරවංශට සමීප වෙබ් මාධ්‍ය ජාලය වාර්තා කර ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ සමීපතමයින් පවසන්නේ ශිරන්ති රාජපක්ෂගේ නමද විකල්පයක් ලෙස නම් කර තිබෙන බවකි.
මේ අතර රාජපක්ෂ පවුලෙන් පිටත නමුත් ප්‍රගතිශීලී අපේක්ෂකයෙකු ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නමද යෝජනාවී තිබෙන බව වාර්තාවෙයි.