"මවුබිම බේරාගනිමු ගෝඨාභය දිනවමු” වැඩ පිළිවෙළ යටතේ විදේශගතව සිටින ඡන්දහිමි පුරවැසියන් ලක්ෂ
දෙකක් ලංකාවට ගෙන්වා ගැනීමේ
වැඩපිළිවෙළක් සකස් කළ බව විදේශගත ශ්රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ සංවිධානය පවසයි.නොවැමිබර් 16 වැනිදා පැවැත්මවන ඡන්ද විමසීමට මෙම පිරිස් කැඳවා ගෙන ඒම සඳහා ප්රංශය, ඇමරිකාව, දකුණු කොරියාව ඇතුළු යුරෝපීය රටවල හා මැදපෙරදිග රටවල විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවද එම සංවිධානයේ සමිබන්ධීකාරක මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.මේ අනුව ප්රංශයේ සිටින මෙරට ඡන්ද හිමි පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමේ දැනුවත් කිරීම ඊයේ (23දා) දින සහ පෙරේදා (22දා සිදුකළ බවත්, ඉදිරියේදී අනෙකුත් රටවල සිටින පිරිස්ද දැනුවත් කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය,