හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස
දන්වමින් නිකුත් කර ඇති
නියෝගය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට අභියාචනාධිකරණය අද පියවර ගෙන තිබේ.
ඔහුව අධිකරණය හමුවට කැදවා ඇත්තේ 2011දී සිදුවූ වූ ලලිත් හා කූගන් නම් දෙදෙනාගේ අතුරුදන් වීම ගැන විභාග වන නඩුවේ සාක්ෂි ලබා ගැනීමටයි.
නමුත් තමාට මෙම අවස්ථාවේ යාපනයට යාමට ආරක්ෂාව මදි බව කියමින් මෙම නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලමින් රාජපක්‍ෂ මහතා සිදු කර තිබූ අභියාතනය සලකමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව නඩුව ජනපතිවරණයෙන්ද පසුව ලබන දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබේ.