මේ අනුව ගම්පහ උතුර හුවමාරුව, ගම්පහ - යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විද්‍යාලයට නුදුරු ආනන්ද මාවත ආසන්නයෙන් ඇතුළුවීම සහ පිටවීම සදහා පහසුකම් සලසාලන බවත්, එය කුලුනු මතින් සියත උයන, විජයාරාම පාර හරහා කුණ්ඩිවිල ඇළ දකුණු ඉවුර අසලින් ඉහළගම වෙල් යාය ඔස්සේ කිලෝ මීටරයක දුරකින් මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වීම සිදු කෙරෙන බවත් කඩවත - මීරිගම ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශ්‍රියානි අබේවික්‍රම මහත්මිය සදහන් කළාය.
ගම්පහ උතුර හුවමාරුවෙන් පිටවීම සහ ඇතුළුවීම සිදු කෙරෙන අතර ගම්පහ දෙස සිට කොළඹ දෙසට වැඩි රථ
මෙහිදී යක්කල සිට ගම්පහ දක්වා මංතීරු හතරක් ලෙසින් සංවර්ධනය වන මාර්ගය, කැලණි පාර අසල සිට ආනන්ද මාවත දක්වා මං තීරූ හයක් වන ලෙසින් සැකසෙන බවත් ගම්පහ උතුර හුවමාරුව ඉදිකිරීමේදී මාර්ගය පුළුල් කිරීම පිණිස මැදගම (1) ඉහළගම බටහිර සහ ඉහළහම නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් තුනෙන් ඉඩම් කොටස් කිහිපයක් පවරා ගැනෙන බවත් අබේවික්‍රම මහත්මිය. තවදුරටත් පැහැදිලි කළාය.
ගම්පහ දකුණ හුවමාරුවෙන් අධීවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇතුළුවීම සහ පිටවීම පිණිස ගම්පහ - ජා-ඇළ මාර්ගයෙහි අකරවිට ප්‍රදේශයෙන් සිදුවන අතර මේ සඳහා අකරවිට සහ කොස්ඕවිට යන ප්‍රදේශයන්ගෙන් කුලුනු මතින් මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
දැනට මාතර සිට කඩවත දක්වා දිවෙන අධිවේගී මාර්ගය, කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගමන් ගැනීමට හැකි වන සේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර කඩවත සිට මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම දක්වා කිලෝ මීටර් 12ක දුරකින් යුත් කොටස ඉදිකිරීම් නුදුරේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ සඳහා විදේශීය හා දේශීය වශයෙන් ණය ලබා ගැනෙන අතර විදේශ ණය සියයට 85ක් සහ දේශීය වශයෙන් සියයට 15ක් ලබා ගැනීමට නියමිතය. මේ සදහා ඇස්තමිත්තු ගත මුදල රුපියල් මිලියන 158,000කි.
මධ්‍යම අධිවේගී මාර්ගයෙහි ගම්පහ උතුර සහ දකුණ අන්තර් හුවමාරු දෙක ඉදිකිරීම් පිණිස අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේකටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර ඉදිකිරීම් කටයුතු අරඹා වසර හතරකින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ගම්පහ - තිලකරත්න දිසානායක