74 හැවිරිදි වියේ පසුවන ඉන්දියානු ගොවියෙකුගේ හිස් කබල මත වැඩෙමින් තිබූ අගල් හතරක් පමණ දිග අඟක් වැනි කොටසක් ශත්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. ඉන්දියාවේ
මධ්‍ය ප්‍රදේශ්හි රාහිල් ගම්මානයේ
වෙසෙන මෙම පුද්ගලයා ෂාමි ලාල් යාදෙව් ලෙස හඳුනාගෙන ඇත. 2014 වසරේ ඔහුගේ හිසෙහි ඇති වූ තුවාලයකින් පසුව මෙම අසාමාන්‍ය තත්ත්වය හට ගෙන ඇත. මුලදී ඔහු මෙම කොටස සිය කරණවෑමියා ලවා ඉවත් කරගෙන ඇති අතර, පසුව එය ක්‍රමයෙන් වැඩිවෙමින් වඩාත් ඉහළට වර්ධනය වී ඇත.

මේ සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට ඔහු තීරණය කර ඇත්තේ ඉන්පසුවය. වෛද්‍යවරුන්ට අනුව මෙම තත්ත්වය හිසෙහි කෙස් තුළ පවතින කෙරටීන් නම් ද්‍රව්‍යයේ අසාමාන්‍ය වර්ධනයක් නිසා සිදුවූවකි.

අපගේ සිරුරේ නියපොතු තුළදා මෙම කෙරටීන් හමුවෙයි, ශශල්‍යකර්මයෙන් අනතුරුව දින 10ක් පමණ රෝහලේ රැඳී සිට ප්‍රතිකාර ලබා ඇති ෂාමි ලාල් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් වෛද්‍යවරුන් පවසයි.