මේ කියන පැහැරගැනීම
සිදුකර තිබී නැති අතර එය සැලසුම් කර සියල්ල සූදානම්ව තිබියදී පොලිසියට ලැබුණ ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට පත්වීම සිදු විය. කප්පම් ගැනීමේ අදහසින් පැහැරගෙන යන්නට සැලසුම් කළ මෙම සිසුදැරිය එම ජාත්‍යන්තර පාසලේ දීප්තිමත්ම සිදුවියක බවත් ත්‍යාග ප්‍රදානෝත්සව වලදී ඉහළම සම්මානයට ලක්වන්නියක බවත් කියැවිණි.
දෙදෙනාම දෙවැනි වසරේ ඉගෙනුම ලබා ඇති කාලයේ පාසලේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී වෛද්‍යවරයාගේ දියණිය අංශ කිහිපයකින් දස්කම් දැක්වීම හේතුවෙන් ඇයට සහතික පත්‍ර රැසක් සේම තෑගි බෝග ගණනාවක්ද ලැබී ඇති නමුත් කපුවාගේ දරුවා දක්ෂ දරුවකු වුවත් ඔහුට කිසිම ඇගයීමක් පාසලෙන් ලැබී නැත. මේ ගැන විමසන්නට ගොස් පාසලේ ආරවුලක්ද ඇතිකරගත් කපුවා අමනාපයෙන් එම වසරේදීම දරුවා පාසලෙන් ඉවත් කර වෙනත් පාසලකට දැමීමට කටයුතු කර ඇත.
පසුව දැරිය ගැන ඇසුණ ආරංචි වලදී ඇගේ දක්ෂතා වසරින් වසර ඉහළ මට්ටමක පැවතීම කපුවාගේ ඊර්ෂ්‍යාවට හේතුවී ඇත.
එසේම එවැනි වටිනා දරුවෙකු පැහැරගෙන ගියහොත් කියන ඕනෑම මුදලක් වෛද්‍යවරයා ලබාදෙනු ඇතිය යන අදහසද පහළවී ඇත.
ඒ අනුව තම සහායකයෙකුද සමග එක්වී දැරිය හා බිරිය පැහැරගෙන විශාල කප්පමක් ලබාගැනීම කපුවාගේ සැලසුමවී තිබේ.
පොලිස් වෙසින් පැමිණ පැහැරගෙන රුපියල් කෝටි දහයෙකප්පම් මුදලක් ලබාගැනීමට මෙහිදී සැලසුම් කර තිබූ බව කපුවාගේ පාපොච්චාරණය අනුව හෙළීවූ බව දොඩන්ගොඩ පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී බෝම්බ සෑදීමට යොදා ගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල්, බයිසිකල්වලට යොදන යකඩ බෝල විශාල
මේ දිනවල සැරියගේ පියා වන වෛද්‍යවරයා විදෙස් රටක සංචාරය කරමින් සිටින නිසා පැහැරගැනීම ඔහු නැති අවස්ථාවක සිදු කිරීමට ඔවුන් දිනයොදාගෙන තිබී ඇත. පොලිස් වෙසින් නිවසට ගොස් පැහැරගැනීම සිදු කර සැකකාර කපුවාට අයත් පාළු නිවෙසක රඳවා කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලන ආකාරයද සැලසුමේ තිබී ඇත.
පැහැරගන්නා සැලසුම ව්‍යර්ථ වුවහොත් බෝම්බයක් පුපුරුවා වෛද්‍යවරයාගේ බිරිය හා දියණිය ඝාතනය කිරීමටද
වැඩිදුරටත් සාකච්ඡා කර තිබූ බව අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් තොරතුරු අනාවරණය වී ඇත.
කපුවා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමකින් සැරසී ලබා
ගත් ඡායාරූප කිහිපයක්ද හමුවී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීමෙන් පසු ප්‍රධාන සැකකරුගේ බිරිය විසින් පොලිස් නිල ඇඳුම් මුළුතැන්ගෙයි පෝරනුවේ දමා පුලුස්සා ඇති අතර එහි කොටස් සහ අළු සොයාගැනීමටද පොලිසිය සමත්ව ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48 රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන බව දොඩන්ගොඩ පොලිසිය දන්වා සිටී.