පසුගියදා ජනපති අතින් විවෘත කිරීමට යෙදුණ නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් තවමත් සකස් වී නොමැති බව වාර්තාවේ.
එම විවෘත කරන
අවස්ථාවේ මාධ්‍ය ඔස්සේ දන්වා සිටියේ සතියකින් එය මහජනයාට විවෘත වන බව නමුත් දැන් එම දිනය කල්ගතවන ලකුණු මතුව තිබේ.
මෙය මහජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක් පමණ ගත වන බව එහි පාළනාධිකාරිය දන්වා තිබේ.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කෙරුණද ඔවුන්ට පිවිසිය හැකි වනුයේ එහි නැරඹුම් මැදිරියට පමණක් බවයි.