මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් ජනපති වරණය වර්ජනය කරන බවට දැනුම්දී තැපැල් ඡන්ද පත්‍රිකා ඊයේ (24දා)  මැතිවරණ කොමසාරිස්ට භාරදී ඇත.

මඩකලපුව ගාන්ධි උද්‍යානයට එක්වූ මඩකලපුව දිස්ත්‍රික්ක රැකියා විරහිත උපාධිරීන් තැපැල් පත් පුරවා එහි සිට මඩකලපුව ප්‍රධාන තැපැල් කාර්යාලට පෙරහරෙන් ගොස් තමන්ගේ මැතිවරණ වර්ජනය සම්බන්ධවූ දැනුම්දීම මැතිවරණ කොමසාරී භාරදී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්ක රැකියා විරහිත උපාධිධාරින්ගේ ඥාතීන් මිත්‍රයන් එක්වී දසදහසක තැපැල් පත් මැතිවරණ කොමසාරිස්ට යැවීමට කටයුතු කළ බව මඩකලපුව දිස්ත්‍රික් රැකියා විරහිත සංගමය පවසයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ පත්වීම්වල විවිධ අසාධාරණයන් සිදුකර ඇති බවට රැකියා විරහිත උපාධිධාරීහු චෝදනා කරන අතර, මෙම පත්වීම් සම්බන්ධව පහැදිලි තොරතුරක් මෙතෙක් ලබා ශිනොදුන් බවත් පැවසූහ.

ඔක්තෝම්බර් මස 07 වැනිදාට ප්‍රථම මේ සම්බන්ධව වගකිවයුතු නිලධාර්න් දේශපාලකයන් තමන්ට සාධාරණය ඉටුකළ යුතු බවත්, නැතහොත් මෙම පාලනයට එරෙහිව තමන් ජනපති වරණය වර්ජනය කරන බවත් ඔවුහු අවධාරණය කළහ.

මඩකලපුව - ජවුෆර් කාන්