හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (29) නම් කෙරිණ.
එම උත්සවය පැවැත්වුණේ,
රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එහිදී උත්සවය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, තමා වටා සොරුන් වංචාකාරයින් නැති බවයි.
එක රටක් තුළ එක නීතියක් ගෙන එන ඒමට කැප වී සිටින බවයි.
කිනම් තර්ජන, ගර්ජන පැමිණිය ද සැමට ආත්ම ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැඳී සිටින බව ත් රටේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ඇති කළ හැක්කේ, ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය.
අපනයනය ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව අවාධරණය කළ මහේෂ් සේනානායක මහතා තමා වටා රැස්ව සිටින්නේ, සොරුන්, වංචනිකයින් නොව රටට අදාරය කරන සැබෑ පුරවැසියන් පමණක් බව ද එහිදී ප්‍රකාශ කළේ ය.