ටෙලිවිෂන් සහ රේඩියෝ තරංග මහජන දේපලක් බැවින් රාජ්‍ය හා පෞද්ගලික සියලු විද්යුත් මාධ්‍යය, මාධ්‍ය උපමාන අනුව ක්‍රියාකිරීම ඔවුනොවුන්ගේ වගකීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද
දේශප්‍රිය මහතා පැවසීය.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 28දා කොළඹදී සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගි වෙමින් දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය. මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ නැසීගිය තුසිතා සමරසේකර මහත්මියගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම වැඩසටහන
සංවිධානය කර තිබීණි.

මැතිවරණ සමයේදී අසත්‍ය පුවත්, ෙවෙරී ප්‍රකාශන පතුරුවා හැරීම වැළැක්වීමටත්, සත්‍ය පුවත් ජනතාව වෙත සමීප කර වීමටත් මාධ්‍ය හට විශාල වගකීමක් පවතින බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය  මාධ්‍ය පාලනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අදහස් නොකරන බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ වගකීම පැහැදිලි කරදීමට නිරන්තරයෙන් කටයුතු කරන බචත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය සභාපතිවරයා,
"ජලය, වාතය, වනාත්තර, පස, පරිසරය වගේම රූපවාහිනී, ගුවන්විදුලි තරංග අයිති මහජනතාවට, මේ නිසා මාධ්‍යයට යම් වගකීමක් තිබෙනවා. ලංගම බස්වලට වගේම පුද්ගලික බස්වලටත් නීතියක් තිබෙනවා. මහජන දේපළක් බැවින් මාධ්‍ය උපමාන අනුව ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකීමක්. වගකිව යුතු ආයතන හැටියට එලෙස ක්‍රියා කරනවා නම් හොදයි. මානව හිමිකම් කොමිෂන් සභාව විදිහටත් පෞද්ගලික මාධ්‍යවලට ඒ බව ලිඛිතවම සඳහන් කිරීම හොඳයි  කියලා මම හිතනවා.
අපි මාධ්‍ය පාලනය කරනනවත්, දඩ බල්ලෝ හැටියටවත්, මුරබල්ලෝ හැටියටවත් කටයුතු කරන්නේ නැහැ. සියලු දේ එකගතාවෙන් කරන්නේ. රාජ්‍ය මාධ්‍ය අපට සෘජුවම පාලනය කරන්න පුළුවන්. නමුත් සමාජ ජාලා ඒ ආකාරයට පාලනය කරන්න බැහැ. මාධ්‍ය සහ සමාජ ජාලා ක්‍රියාකාරීන් අපේ මිතුරන් කරගත යුතුයි. ඔවුන්ව සතුරන් සේ පලවා හැරලා මාධ්‍ය තහනම් කිරීම කිසිදු විසඳුමක්  නොවේ. දැනුවත් කිරීම මගින් අපරාධය චළක්වා ගැනීමයි කළ යුත්තේ. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි ඒ ආයතනවලට යොමුකිරීමේ වැඩපිළිවෙළක් අපට ක්‍රියාත්මක කරන පුළුවන් වෙයි" යනුවෙන්ද පවසා සිටිස්ය,මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු මානව හිමිකම් ක්‍රියාධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාචට එක්ව සිටියහ.

 -චාමර සමිපත්-