"සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ඇත්තම හේතුව වත්මන් ආණ්ඩුවේ බලපෑම සමිබන්ධයෙන් ඇත්ත ප්‍රකාශ කිරීම යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) පැවැසීය. වත්මන් ආණ්ඩුව කළ වැඩ පිළිබඳව එකින‍ෙක හෙළිවෙමින් තිබෙන බවත්, ඒ අනුව ඉදිරියේදී තවත් බොහෝ දේවල් හෙළිවනු ඇති බවත් කීය.

කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලනය මධ්‍යස්ථානයේදි ඊයේ (29) පැවැති ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ මහ සමුළුවට එක්ව‍ෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
 එහිදී විපක්ෂ නායකවරයා යමක් ද පැවසීය.

"වසර විසි ගණනකට පසුව අපිට උතුරු හා නැගෙනහිර පළත්වල සියලුම මැතිවරණ පැවැත්විමේ හැකියාව ලැබුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කළා.
නමුත් මේ අය මැතිවරණ කල් දැමිමා.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමය‍ෙන්, චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවැරුණු ආකාරය ගැන සොලිසිටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක හෙළිවෙමින් තිබ‍ෙනවා. තවත් ඒවා ඉස්සරහදී හෙළිවේවි.
පහුගිය කාලේ නියගය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුණේ නැහැ. මරාගෙන මැරෙන
බෝමිබ පිපිරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ග‍ෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරා දමනවා. කකුල් දෙක‍ේ අලි නම් පන්නන්න ඕනෑ මේ තත්වයන් පිළිබඳව අවබෝධය‍ෙන් කතා කළ යුතුයි.” යැයි ද ඔහු කීය.

නාලක සංජීව දහනායක