සම්මේලනය ඊයේ (26) පස්වරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ඔවුන් එක්ව තිබුණි.
මේ සඳහා ශාන්තිිකර්මවේදීන් රැසක් සහභාගි වූ අතර මේ ආකාරයේ
එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
අප රටේ බෞද්ධාගම මුල් කරගත් විවිධ ඇදහිලි හා විශ්වාස පවතිනවා. ඒ විශ්වාස සහ ඇදහිලි ආගමික මුහුණුවරක් ගෙන ඇති අතර, සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ සාහිත්‍යය සමඟ මුසු වෙමින් ඒවා ශාන්තිකර්ම වශයෙන් අපේ ජන සමාජයට එකතු වුනා. මම හිතන්නේ ශාන්තිකර්ම ප‍්‍රතිකර්ම සමඟයි ඉදිරියේ පැමිණියේ.
මෙවා ආරක්ෂා කිරිම වැදගත් බව අපි විශ්වාස කරනවා.
දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම සංවිධානය වටා එක්වී සිටින සාමාජික සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තපන්දහසක් (175,000) පමණ වන බව අපට වාර්තා වී තිබෙනවා. විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමඟ මෙම අංශ කෙරේ පවතින විශ්වාසය අඩු වෙමින් පවතින යුගයක එම ශාන්තිකර්ම ඉදිරි පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීම කාලෝචිතයි.