විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අද(28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව තිබෙයි.

පක්ෂ දෙක අතර එකඟතාවක්
ඇතිකරගැනීම සඳහා අවසන් අවස්ථාව ලෙස මෙය අර්ථ දක්වා තිබේ.
නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මේ ගැන දන්වා ඇත.
 ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප ශ්‍රීපොජපෙට එක්වීමත් එසේ වන්නේ නම් ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් වාර්තාවේ.