සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාබය රාජපක්‍ෂට ජම්පර් අන්දන බව කියනවා. මිට කලිනුත් ජමිපර් අන්දන්න හුගක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවුණා යැයි විපක්ෂ නායක
මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (25) පැවැසීය.
මේ ආණ්ඩුව බලන්නෙම අපෙන් පලිගන්නයි. අද වන විට රටේ සියලම කන්තෝරුවක වැඩක් කෙරෙන්නෙ නැහැ. මුළු රටම බ්‍රේක් ගහලා, පාලනය තුළ නුසුදුසු අය පාලනයට ආවම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේවාට වත්මන් ආණ්ඩුව වගකිව යුතුයි. රනිල්ට විතරක් නෙවෙයි මේ සියල්ලටම සජිත් ප්‍රේමදාසත් වගකිව යුතුයි.
අද නැවතත් ප්‍රේමදාස යුගයක් ගේන්න කතා කරනවා. ඒ යුගය ඔබට මතකද දන් නැහැ. ටයර් සෑයවල් මතකඳ? එක දවසක් මම දැක්කා 28 දෙනෙක් යටර් සෑයේ දාලා තියන හැටි.මළ කඳන් ගොඩ ගැහිලා තිබුණා. ඒ යුගය අමතක කරන්න බැහැ. නැවතත් ඒ යුගයට යවන්නත් බැහැ යැයි ද ඔහු කීය.
(නාලන සංජීව දසනායක.)