කොළඹ අගරදගුරු පදවි පවුල් සේවාව මගින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යාම සඳහා දැනුවත් කරමින්
පසුගියදා බෝලවලාන
දහසය වැනි බෙනඩික් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ පැවැති එක්දින වැඩමුළුවකදීයො කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි  මෙසේ පැවැසීය.
ඡන්දයක් තිබ්බත් එකයි නැතත් එකයි අපට ඕනෑ අපේ මිනිස්සුන්ට මොකද වුණේ කියලා දැනගන්නයි. පලි ගැනීමේ අදහසක් අපි ළඟ නැහැ
කව්ද අපගේ මිනිස්සුන්ගේ ජීවිත හොරාගෙන මෙහෙම අපරාධයක් කළේ. අපට ස්වාධීන පරීක්ෂණයක් දෙන්න කියලා තමා නිතරම ඉල්ලා සිටියේ. මේ අපරාධය කළ අයගෙන් පලිගන්න අපට කිසිම අදහසක් නැහැ. අපට ඇත්ත දැනගැනීමේ අයිතියක් තියෙනවා. මේ සිද්ධිය වන බව හොඳටම දැනගෙන වගකිවයුත්තන් එය වළක්වා ගන්න මුකුත් කරලා නැහැ.

රේමන් අපෝන්සු - මීගමුව