අම්බලන්ගොඩ තල්ගස්ගොඩ මහ පාලම අසල මාදම්පා ගගේ ගිලෙමින් සිටි තිස්හය හැවිරිදි සිව්දරු මවකගේ දිවි බේරා දීමට මහේෂ් ගමගේ නම් ව්‍යාපාරීක මහතෙක් පෙරේරා (25) පස්වරුදි සමත් විය. වතුගෙදර
තොටවත්තේ පදිංචි රසිකා කුමාරි නමැතියකගේ
දිවි මෙසේ බේරාගත් අතර ඇය මේ වනවිට බළපිටිය මූලික රෝහලේ වාට්ටු අංක හතරේ ප්‍රතීකාර ලබමින් සිටින්නීය.

අම්බලගොඩ තල්ගස්ගොඩ පදිංචි ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යන මහේෂ් ගමගේ මහතා පෙරේදා (25) පස්වරුවේදි සිය නිවසේ සිට මෝටර් රථයෙන් අම්බලන්ගොඩ නගරය බලා ගොස් ඇත්තේ බැංකුවක මුදල් තැන්පත් කිරීමටය. ඔහු ගඟට පැන්නේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් ලක්‍ෂ හයක් ද සමගය.

එසේ යන අතර මගදී තල්ගස්ගොඩ මහ පාලම අසල දෙතුන් සියයක සෙනගක් ගඟ දෙස බලා කෑගසමින් සිටින අයුරු දැක මහේෂ් මහතා සිය මෝටර් රථයෙන් බැස ඒ දෙසට යනවිට ගස් හිලෙමින් ගසාගෙන යන දැක තිබේ. ඒ සමගම ඔහු යන ගමන අතර මඟ දමා ඇඳුම් පිටින්ම ගඟට පැන්නේ සිය ජීවිතය ගැන ද නොසිතා ගිලෙමින් ගසාගෙන යන මේ කාන්තාව බේරා ගැනීමය.

මීටර් සියයක් පමණ දුරක් පිහිනා ගිය ඔහු ගිලෙමින් සිටි මේ කාන්තාව අල්ලාගෙන උඩට උස්සාගෙන ඇත්තේ ඇයට වතුර පෙවීම වළක්වා ගැනීමටය.

-එම්.සුසිල් ප්‍රියන්ත-