මරදාන හා බෙලිඅත්ත අතර 'දක්ෂිණ' නමින් නව නගරාන්තර සුඛෝපභෝගී දුම්රියක් අද (25) සිට ධාවනයට යෙදවේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අලුයම 2.15ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය උදේ 5.10ට මරදාන
දුම්රිය ස්ථානයට ළගාවන බවත් නැවත ප.ව. 3.00ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය ප.ව. 6.05ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගාවන බවත් නියෝජ්‍ය වාණිජ
අධිකාරි ඩබ්ලිව්. ඩී. රංජිත් පත්මලාල් මහතා පැවැසීය.

ඉන්දියාවෙන් ආනයනය කළ එස්-13 වර්ගයේ සුඛෝපභෝගී බලවේග කට්ටල දුම්රියක් මේ සඳහා යොදවන බවද නියෝජ්‍ය වාණිජ අධිකාරි පත්මලාල් මහතා කීය. වායු සමනය කළ මැදිරියකින් හා දෙවන තුන්වන පන්තියේ මැදිරිවලින් යුත් මෙම දුම්රියේ වායු සමනය කළ මැදිරිය සඳහා ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇතැයි හෙතෙම පැවැසීය. ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැරියේ මංගල ගමන ඊයේ  (24) සවස කොටුව දුම්රිය ආරම්භ කෙරිණි.

-මහින්ද නිශ්ශංක-