වෙළඳපොළේ මේ වනවිට ඇත්තේ සතියකට ප්‍රමාණවත් ආනයනික කිරිපිටි තොග පමණයැයි කිරිපිටි සමාගම
කියයි.ආනයනික කිරිපිටි සඳහා මිල වැඩිවීමක් මෙතෙක් ලබා නොදීමට විරෝධතා දක්වා එම සමාගම් කිරිපිටි ආනයනය කිරිම සහ පැකට් ඇසුරුම් කිරිම ඉකුත් 12දා සිට නතර කිරිම නිසා
වෙළඳපොළේ මෙසේ ආනයනික කිරිපිටි තොග අඩු වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඇතැම් සමාගම් සතු කිරිපිටි තොග මේ වනවිට අවසන් බව ද කිරිපිටි ආනයන කිරිම නතර කරනු ලැබුවේ මිල වැඩි කිරීම නොලැබීමෙන් සමාගම් පවත්වාගෙන යාමට නොහැකිවීමක් නිසා බව ද එම සමාගම් පවසයි.

මේ අතර අද පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී කිරිපිටි මිල වැඩි කිරීමට අනුමැතිය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සකස් කර අවසන් බව ද ඒ අනුව සෑම කාර්තුවකට වරක් කිරිපිටි මිල සංශෝධනයක් සිදුවනු ඇතැයි ද පාරිභෝගික අධිකාරිය පවසයි.

-මහින්ද නිශ්ශංක-