ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ සැලකදී කාතාවක් සේලෝ ටේප්වලින් වලින් බැඳ පුද්ගලයන් දෙදෙනෙකු ඇය පැලදී රන් භාණ්ඩ හා රුපියල් විසිහතර දහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි මොරටුව පොලීසිය පවසයි.
මොරටුව ඇවනියන් මාවතේ පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලවිසලකට පැමිණි කොල්ලකරු, මුදලින් රුපියල් විසිහතරදහසක් වටිනා රන් මාලයක් සහ මුදුවක්ද මෙසේ කොල්ල කා ඇති බව පොලීසිය පවසයි.
ටී ෂර්ට් තුනක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ තිබූ කොල්ලකරුවන්, එහි මිල විමසා
මීට සති කිහිපයකට ඉහතදී මේ ආකාරයෙන්ම කහතුඩුව වෑතර ප්‍රදේශයේත් ශල්‍යාගාරයක සේවිකාවක්ද සෙලෝටේප්වලින් බැඳ දමා ඇය පැලද සිටී භාණ්ඩ කොල්ල කා තිබූ බව පොලීසිය පවසන අතර මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත පවත්වයි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ