මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට පෙර්දා (03දා) සවස ගොඩ ගසා සිටි විශාල මුතු මෝරකු නැවත මුහුද කරා යැවීමට මුල්ලිවයික්කාල් ධීවරයන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.
මුහුදේ පැවැති
දැඩි සුළං තත්ත්වයත් සමග ඇති වූ සැඩ පහරත් සමඟ මෙම මුතු මෝරා වෙරළට ගොඩ ගසා සිටිනු ධීවරුන් කිහිප දෙනෙකු දැක තිබේ.
අනතුරුව ඔවුන් විසින් එම අවස්ථාවේදීම එම මුතු මෝරා නැවත මුහුද කරා යවා එම සත්ත්වයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කරනු
ලැබ ඇත. එම මුතු මෝරා කිලෝග්රෑම් දහසකට වඩා බරකින් යුක්ත බවට සැකකරන බව මුල්ලිවයික්කාල් ධීවර පැවසූහ.
වවුනියාව- මධුෂංඛ අමරසිංහ