ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජනනායකයකු සිංහල ජනතාව ඉදිරියට පැමිණ ඍජුව කතා කරන්නේ

නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කුට්ටි අවශ්‍ය නොවන බවත් සිංහල
ජනතාවගේ ඡන්දවලින් පමණක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් ආචාර්ය නලින් ද සිල්වා පැවැසීය.
ජනාධිපතිවරණය උදෙසා ‘ජාතික සංවිධාන මතවාදය හා කාර්යභාරය’ ජනගත කිරීම සඳහා ඊයේ
(24දා) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් ද සිල්වා මහතා
මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නලින් ද සිල්වා මෙසේද කීය.

“විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන වගන්තියක් ඇතුළත් කිසිදු වාර්තාවක් අපි පිළිගන්නේ
නැහැ. 13 වැනි සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා කියන මතයේ
තමයි අපි ජාතික සංවිධාන විධියට ඉන්නේ. මොන වාර්තාවේ මොන විධියට තිබුණත් විධායක සහ
ව්‍යවස්ථාදායක බලය කාටවත් විමධ්‍යගත කරන්න බැහැ.

අපි ඒකීය රජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. වෙල්ලාල ඇරෙන්න මේ රටේ සෑම දෙමළ මනුස්සයකුගේම
සම්භවය තිබෙන්නේ සිංහල සම්භවයක්. අද යාපනයේ ඉන්නා මලවාර්, කරෛයිවර් සහ තවත් කුලවල අය
සම්භවය හැටියට ගත්තොත් සිංහල මිනිස්සු. ඒ සිංහල මිනිස්සුම දෙමළ සංස්කෘතියට අවශෝෂනය කරගත්තාට
පස්සේ තමයි ඒ අය දෙමළ වුණේ.

ඒ මිනිස්සු කවදාවත් සිංහලයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. අද සිංහලයන්ට විරුද්ධ වෙන්නේ වෙල්ලාලගේ ටික
විතරයි.
දෙමළ ජාතික සංවිධානයේ ඉන්න ඔක්කොම වෙල්ලාලයෝ.

ඒ වගේම තමයි 1892දී ඉංග්‍රීසි ආණ්ඩුව 4 වැනි ආඥා පනත ඇති කළා. ඒ ආඥා පනතින්
ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව බෞද්ධ නොවන කිසිදු සිද්ධස්ථානයක් හදන්න බැහැ. එහෙම
සිද්ධස්ථානයක් හැදුවොත් ආණ්ඩුකාරවරයා නීතියෙන් බැඳෙන්නේ නැහැ එම ස්ථාන ආරක්ෂා කරන්න. අදටත්
ඒ නීතිය ක්‍රියාත්මකයි. බෞද්ධ නොවන සිද්ධස්ථානයක් අදටත් හදන්නේ බැහැ ආණ්ඩුකාරවරයාගේ
අවසරයෙන් තොරව. මේවා හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි රටේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ.
මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනි සිංහල නිවට දේශපාලනඥයන්.

අපි ජාතික සංවිධාන විධියට අවධාරණය කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ
ඡන්ද කුට්ටි වුවමනා නැහැ හරි නායකයකුට ජයග්‍රහණය කරන්න. හොඳ සිංහල නායකයෙක් සිංහල බෞද්ධ
ජනතාවට හරියට කතා කළොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්.”


උදයන්ති මුණසිංහ