එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා
පිළිගැනීමේ කළුතර දිස්ත්‍රික් ජන රැළිය අද මතුගමදී පැවැත්වේ.
කැබිනට් නොවන අමාත්‍ය අජීත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, අද පස්වරු 2.00ට මතුගම මහජන ක්‍රිඩාංගණයේදී ජන රැළිය ආරම්භ වන බව ය.
‘සජිත් එනවා’ ලෙස නම් කර ඇති මෙම ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම රැළියට ඇමති නවීන් දිසානායකද එක්වන බවට ආරංචි පවතී.  ඔහු කරු ජයසූරිය කතානායකවරයාගේ බෑනාය.